ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කරන කරකර්මාන්ත අමාත්‍යාංශයේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කුඩා පරිමාණ ඇගලුම් කර්මාන්ත ශාලා නගා සිටුවීමේ වැඩ සටහන යටතේ රඹුක්කන ප්‍රාදේශිය ලේකම් කොට්ථාසයේ මොට්ටප්පුලිය ග්‍රාම නිලධාරි වසමේ දුලාර පැෂන් ආයතනය හා කිරිවන්දෙනිය ග්‍රාම නිලධාරී වසමේ පංචසික ගාමන්ට් ආයතනය යන ඇගලුම් ශාලා විවෘත කිරිම ඊයේ (6) දින පෙරවරුවේදී වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම අවස්ථාවට එක් වු රඹුක්කන ප්‍රාදේශිය ලේකම් ඉන්දික ලියනගේ මහතා මෙහිදි සඳහන් කලේ කර්මාන්ත අමාත්‍යංශය මගින් මහන මැෂින් 44 ක් ලබා දිමට කටයුතු කර තිබු අතර හවුල් ව්‍යාපාර වශයෙන් ලියා පදිංචි කිරිමෙන් පසුව කුඩා පරිමාණ ඇගලුම් කර්මාන්ත ලෙස පවත්වාගෙන යාමට ඹවුන්ට හැකියාව තිබෙන බවත්ය .
මෙම අවස්ථාවට රඹුක්කන ප්‍රාදේශිය සභාවේ සභාපති අතුල හදගම මහතා ඇතුළු දේශපාලන අධිකාරිය , සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ෂණි , දිස්ත්‍රික් ව්‍යවසායකත්ව නිලධාරී නිමාලි වර්ණකුලසූරිය, රඹුක්කන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ව්‍යවසායකත්ව නිලධාරිනී ඇතුළු ප්‍රතිලාභීන් පිරිසක් මේ අවස්ථාවට එක් විය.




















