කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික්කයේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සඳහා වන මාර්ගගත ක්‍රමවේද ඔස්සේ රැකියා පොළක් අද (08) වන දින පෙරවරුවේ දි ආරම්භ විය.
සමස්ත දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි රැකියා විරහිති තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම මාර්ග ගත වැඩසටහන සඳහා එක් වු අතර ආයතන 16 ට වැඩි ප්‍රමාණයක් රැකියා අවස්ථා ලබා දිමට හෙි දි ඉදිරිපත් වි සිටියේ ය.
මෙම අවස්ථාවට සුභ පැතුම් එක් කරමින් දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේ අධ්‍යාපන සුදුසුකම්වලින් ඉහළ අගයක් පවතින තම දිස්ත්‍රික්කයේ රැකියා නියුක්තිය වැඩි වර්ධනය කිරීමට මෙම අවස්ථාව මහඟු පිටිවහලක් වන අතර දිස්ත්‍රික් නිපුණතා කම්ටුව ඔස්සේ ක්‍රියාත්මක කර්මාන්ත කමිටුව හරහා ද ද රැකියා වියුක්තිය අවම කිරිමට අවශ්‍ය සහය ලබා දිමට කටයුතු කරනා බව යි.
රටේ ශ්‍රම බලකායට පිවිසෙන තරුණ තරුණියන්ගේ හැකියාව හා සුදුසුකම් අනුව ඔවුනට අවශ්‍ය වෘත්තීය ජීවිතය සකසා ගැනීමට කටයුතු කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම වන බව ද දිසාපතිවරයා වැඩි දුරටත් මෙම අවස්ථාව අමතමින් සඳහන් කළේ ය.
මෙම කර්තව්‍ය සම්බන්ධීකරණය කරන ලද්දේ දිස්ත්‍රික් රැකියා ප්‍රවර්ධන නිලධාරී රංජීත් මුගුණුවෙල මහතා ඇතුලු දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රයේ නිලධාරීන් විසිනි.


















