කෑගල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති පිලිබඳ විමසා බැලෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද (16) වන දින පෙරවරුවේ දී සබරගමු පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට සමඟාමිව ක්‍රියාත්මක වන ‘අය වැයෙන් - වැඩ ලක්ෂයක්’ ව්‍යාපෘතීන් පිළිබඳ මෙහි දි කරුණු විමසා බැලුනු අතර රුපියල් මිලියන 3825ක් යටතේ සමස්ථ දිස්ත්‍රික්කයේම මෙම ව්‍යාපෘතීන් ක්‍රියාවට නංවන අතර පළමු කාර්තුව සඳහා මිලියන 1026ක ප්‍රතිපාදන ඔස්සේ ව්‍යාපෘතීන් ආරම්භ කර ඇති බව ප්‍රකාශ විය.පවතින අමු ද්‍රව්‍ය හිඟය නිසාවෙන් අදාල කාල සීමාව තුල ව්‍යාපෘතීන් අවසන් කිරීමට නො හැකි තත්වයක් පවතින අතර ඊට සහන කාලයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය මෙහි දි ඉදිරිපත් විය.
මෙම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හමුවේ දි ජනගහනය 1000ට අඩු ග්‍රාම නිලධාරී වසම් 122ක් පවතින අතර ඒ සම්බන්ධව සීමා නීර්ණයන් පිළිබඳ යෝජනා ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ පෙන්වා දුණි. එසේම බහු කාර්ය සංවර්ධන බලකා දෙපාර්තමේන්තුව යටතේ පුහුණුව ලබන සේවකයින්ට පත්විම් ලබා දීමේ දි අදාල ආයතනවල අනුමත සේවක සංඛ්‍යාව මෙන්ම අවශ්‍යතා සඳහා අමතර සේවකයින් එම ආයතනවලට ලබා ගැනිම සඳහා කටයුතු කිරිමට ද මෙහි දි යෝජනා කෙරිණි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් පිළිබඳ විමසා බැලුනු අතර ‘ගම සමඟ පිළිසඳර’ ව්‍යාපෘතීන්ට අදාලව මිලියන 03, මිලියන 04, මිලියන 100 හා මිලියන 20 ලෙස ඛාණ්ඩ 04 ක් ඔස්සේ වැඩසටහන් ක්‍රියාත්මක වන බවත් එහි වත්මන් තත්වය පිළිබඳවත් කරුණු ප්‍රකාශ විය.
තව ද සබරගමුව පළාත් සභාව යටතේ ක්‍රියාත්මක ඉඩම්, කෘෂි කර්ම, වාරි මාර්ග, ධීවර, සත්ව නිෂ්පාදන යන අංශයන්ට අදාල ව්‍යාපෘතීන් පිළිබඳ කරුණු ද සාකච්ඡා කෙරිණි. මේ අතර දිස්ත්‍රික්කයේ කොවිඩ් ව්‍යාප්තියෙහි සැලකිය යුතු අඩු විමක් පවතින අතර දිස්ත්‍රික්කයේ ජනගහනයෙන් 48% ප්‍රතිශතයක් මේ වන විට තෙවන මාත්‍රාව ද ලබා ගෙන ඇති බව ප්‍රකාශ විය.වයස අවුරුදු 60ට වැඩි ජනගහනයෙන් 96% ක් මේ වන විට මාත්‍රා දෙකම ලබා අවසන් බව ද හෙලි විය.ගොවි මහතුනට අමතරව සාමාන්‍ය ජනතාවට ද මි උණ බෝ වීමේ අවධානමක් පවතින අතර ඒ සම්බන්ධ දැනුවත් කිරිම් අඛණ්ඩව සිදු වන බව ද මෙහි දි සඳහන් විය.කොව්ඩ් වසංගතය පැවතියද පාසල් කටයුතු ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.
පවතින ඉන්ධන හා විදුලි අර්බුද හමුවේ ශෛල්‍ය කර්ම සිදු කරන රෝහල් පද්ධතීන් සඳහා අඛණ්ඩව විදුලිය ලබා දිම සඳහා ක්‍රමවේද සකසා ඇති බවත්, යම් යම් ස්ථානවල ඉන්ධන ඇතුලු යම් යම් භාණ්ඩ පවතින මිලට වඩා වැඩියෙන් අලෙවි වන බවට තොරතුරු ලැබි ඇති අතර ඒවා සොයා බැලීමට මෙම හමුවේ දි අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දීම ද සිදු කෙරිණි.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිනි රාජිකා වික්‍රමසිංහ, රාජ්‍ය අමාත්‍ය කනක හේරත්,පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක යන මහත්ම මහත්මීන් ඇතුලු දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්,කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විරසූරිය මහතා ඇතුලු මාණ්ඩලික නිලධාරීන්, පළාත් සභාවේ ඒ ඒ අමාත්‍යංශ ප්‍රධානීන්, ප්‍රාදේශිය ලේකම්වරුන්, ආරක්ෂක අංශයේ නිලධාරීන්, දිස්ත්‍රික්කයේ පවතින රාජ්‍ය ආයතනවල නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.
























