වසවිසෙන් තොර පෝෂණයෙන් සපිරි නැවුම් එළවළු හා පළතුරු,පලාවර්ග,ඇතුළු භෝග තම ගෙවත්තෙන්ම සපයා ගැනිම තුළින් නිරෝගි ස්වයංපෝෂිත පවුල් ඒකක සංකල්පය ප්‍රචලිත කිරිම අරමුණු කර ගනිමින් "හරිත දැයක් ගෙවතු වගා සංග්‍රාමය 2022" වැඩසටහන අද (29) දින පෙරවරුවේ 9.18 ට යෙදුණු සුභ මොහොතින් දිවයින පුරා ආරම්භ කෙරිණි.
මෙම වැඩසටහන තුළින් ගෙවතු වගාවේ නියුතු පවුල් ලක්ෂ 22 ක් සංවර්ධනය කිරිමට සැලසුම් කර ඇත.
මෙම ජාතික වැඩසටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 ම ආවරණය වන පරිදි අද පෙරවරුවේ දී ආරම්භ කෙරිණි.
කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෙරගල ග්‍රාම නිළධාරි වසමේ ගෙවතු වගා වැඩසටහන කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කේ.ජි.එස් නිශාන්ත මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමන් පතිරණ, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී.කුසුම්සිරි ,දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද,කෑගල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් කොරළගේ යන මහත්ම මහත්මීන් ඇතුලු රාජ්‍ය නිලධාරින් හා ප්‍රතිලාභින් පිරිසක් එක්ව සිටියහ.

























