දිස්ත්රික් ලේකම් කාර්යාලයේ සුබසාධක සංගමයේ පුස්තකාලය සඳහා දිසාපති / දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්රධානත්වයෙන් පොත් කට්ටල පිරිනැමීමක් අද (04) දින පෙරවරුවේදී සිදු කෙරිණි.
කාර්යාල නිලධාරීන්ගේ කියවීමේ පුරුද්ද වැඩි දියුණු කිරිම අරමුණු කර ගනිමින් ලබා දුන් එම පොත් අතර කෙටි කථා, නව කථා, කවි පොත්, ළමා කතා, විචාර පොත්, මෙන්ම පරිවර්තන ඇතුලු පොත් රාශියකින් සමන්විත විය.
එම අවස්ථාවට අතිරේක දිස්ත්රික් ලේකම් ( පාලන) චරිතා ඉලංගකෝන් , අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, දිස්ත්රික් සැලසුම් අධ්යක්ෂ ඒ්.ඒ්. වීරකෝන් , සහකාර දිස්ත්රික් ලේකම් මල්ෂා එල් ප්රියදර්ශනී යන මහත්ම මහත්මීන් හා පුස්තකාලය භාර සංවර්ධන නිලධාරීනී අනුරාධා නුගවෙල යන මහත්මීය එක්ව සිටියහ.


















