දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැකියා ප්‍රවර්ධන අංශය විසින් සංවිධානය කළ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සේවය කරන මානව සම්පත් සංවර්ධන නිලධාරින්ගේ මාසික ප්‍රගති සමාලෝචන හමුව අද (05) වන දින පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.
මෙහි දි අදහස් දැක් වූ දිසාපතිතුමන් ප්‍රකාශ කළේ රැකියා උත්පාදන අවස්ථා පුළුල් කර දිස්ත්‍රික්කයේ රැකියා වියුක්තිය අවම කිරිමට කටයුතු කිරීමටත් , ඵලදායී ශ්‍රම බලකායක් ඇති කිරිමටත් මානව සම්පත් නිලධාරීන්ට වඩා වැඩි වගකිමක් පවතින බව ය. දේශීය අවශ්‍යතා වෙනුවෙන් වූ භාණ්ඩ අප රට තුලම නිෂ්පාදනය කිරීම ඉතා වැදගත් බවත් ඊට අවශ්‍ය පසුබිම සකසා රට ස්වයං පෝෂිත කිරිමට ජනතාවට අවශ්‍ය පසුබිම සැකසීමට එම නිලධාරීන්ට ඇති හැකියාව පිලිබඳවත් ඒ මහතා විසින් මෙහි දී වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන ලදී.
මෙම හමුවේ දී පසුගිය මාසයේ දි හා ඉදිරි මාසයේ දී මිනිස් බල හා රැකි රක්ෂා කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ලබා දී ඇති ඉලක්ක හා ඒවායෙහි ක්‍රියාකාරිත්වය පිලිබඳ අදාල නිලධාරීන්ගෙන් කරුණු විමසා බැලිණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන) චරිතා ඉලංගකෝන්, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී යන මහත්මීන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මානව සම්පත් සංවර්ධන නිලධාරීන් එක්ව සිටිය හ.


















