වරකාපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය මඟින් සංවිධානය කළ සමෘද්ධි ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන අලෙවි පොළක් අද (07) පෙරවරුවේ දි ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දි පැවැත්විණි.
එම අවස්ථාවට කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා වෙනුවෙන් අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මිය සහභාගි වූ අතර වරකාපොල ප්‍රාදේශිය ලේකම් රංගන සජීව මහතා ද සහභාගී වු හ.



















