සිිද්ධි කලමණාකරණය හා ආකල්ප සංවර්ධනය පිළිබඳ එක් දින පුහුණු වැඩමුළුවක් අද (07) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
දිස්ත්‍රික්කයේ ළමා පරපුර ආරක්ෂා කර ගැනීමටත්, ඔවුන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දීමේදී ඊට ගැළපෙන මනා අවබෝධයකින් පසු වීමත් නිලධාරියෙකුට අතිශය වැදගත් කාරණයකි .ඒ සඳහා ඉවහල් වන මෙම පුහුණුව සම්බන්ධව පරිවාස හා ළමාරක්ෂක සේවා පලාත් කොමසාරිස් මානෙල් කුලරත්න විසින් කරුණු පැහැදිලි කළ අතර ළමා අපයෝජන සම්බන්ධව කෑගල්ල දිස්ත්‍රික්කයේ වර්තමාන තත්වය පිළිබඳ දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීනි රූපා කිරගල මහත්මිය අදහස් පල කළා ය.
දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් සමඟින් පැවති මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ විශේෂඳ මනෝ වෛද්‍ය නිපුන රණවිර මහතා විසිනි. මෙම වැඩසටහන සඳහා OXFAM ආයතනයේ සහයෝගය ලැබුණු අතර එහි කාර්යභාරය සම්බන්ධයෙන් ව්‍යාපෘති කලමණාකරු නසීර් මහතා ද අදහස් පල කළේ ය.
මෙම අවස්ථාවට සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී මහත්මිය, දිස්ත්‍රික් හා ප්‍රාදේශිය පරිවාස , ළමා හිමිකම් ප්‍රවර්ධන, ළමාරක්ෂක නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටිය හ.























