දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර ක්‍රියාපටිපාටියන් පිළිබඳ විමසා බැලෙන විගණන කලමණාකරණ කමිටුව අද (08) වන දින පෙරවරුවේ දි දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. විරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.
ගිණුම් කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පසු විපරම් කිරිම, පසුගිය විගණන හා කලමණාකරණ කමිටු රැස්වීමේ සාකච්ජා වූ කරුණු , විශේෂ විගණන පරීක්ෂාවන්, නව චක්‍රලේක ඇතුලු එම කේෂත්රයට අදාල කරුණු පිළිබඳ මෙහි දි කරුණු විමසා බැලිණි.
මෙම කමිටුව ප්‍රධාන අභ්‍යන්තර විගණක ඩබ්ලිව්.ටී තුෂාරී ජයවර්ධන මහත්මිය ප්රමුඛ දිස්ත්‍රික් අභ්‍යන්තර විගණන අංශය විසින් සංවිධනය කරන ලදි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන)චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් (ඉඩම් හා සංවර්ධන) දිනිෂා එස්. රත්නායක, කෑගල්ල දිස්ත්‍රික් විගණන අධිකාරි කේ.එම්.එච් අක්වත්ත, කළමණාකරණ විගණන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ ලෝචන මාන්නපෙරුම යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පලාත් පාලන කොමසාරිස්තුමන්, මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ගණකාධිකාරිවරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.



















