කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ පොසොන් පොහොය නිමිත්තෙන් තෝරාගත් පවුල් 100 ක් සඳහා වියළි ආහාර සහනාධාර මල්ලක් ‘‘අත්වැල" සමාජ සත්කාර වැඩසටහන යටතේ අද (13) දින පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදි අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මියගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.


මෙම වැඩසටහන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, සුභ සාධක සංගමය සහ අනුග්‍රාහක භවතුන්ගේ දායකත්වයෙන් දිස්ත්‍රික් සංස්කෘතික අංශය මගින් සංවිධානය කර තිබිණි.


මෙම අවස්ථාවට ප්‍රධාන ගණකාධිකාරී ජේ.ඒ.ඒ.සී. නිල්මල්ගොඩ, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටි.ඒ.පි. කුසුම්සිරි, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී, පරිපාලන නිලධාරී යාමිනී රත්නායක යන මහත්මීන් ඇතුලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගීවී සිටියහ.