රට තුළ එකතු වන අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කර ගනිමින්, සුරක්ෂිත පරිසර පද්ධතියක් තුලින් තිරසාර දේශයක් ගොඩනැංවීම සඳහා විවිධ සැලසුම් හා ක්‍රියාමාර්ග ගනු ලබන අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ කැලිකසල මනා ලෙස කළමනාකරණය කර ගනිමින් පරිසරය සුරක්ෂිත කිරීමේ වැඩසටහන් ද මේ වනවිටත් ආරම්භ කොට ඇත .ඒ අතරින් කසල ප්‍රතිචක්‍රිකරණය කිරීම සඳහා වූ බේලර් යන්ත්‍ර අදාල ඒ ඒ ආයතන සඳහා ලබාදීම පෙන්වාදිය හැකි ය.


ඒ අනුව "සුරකිම ගංගා" ජාතික පාරිසරික වැඩසටහනට අදාලව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 09 ක් වෙත බේලර් යන්ත්‍ර ලබා දීමට කටයුතු කර ඇත .


ඉන් ආයතන හතරකට අදාළ බේරලා යන්ත්‍ර ලබාදීම සම්බන්ධව පවතින ගැටළු නිරාකරණය කිරීම සඳහා වූ විශේෂ හමුවක් අද (20) පෙරවරුවේ දී දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.


ජුනි මස 30 වන විට බේලර් යන්ත්‍ර සඳහා වූ චෙක්පත් ලබාදීමේ කටයුතු අවසන් කළ යුතු බැවින් ඊට පවතින ගැටලූ හා විසඳුම් මෙම හමුවේ දී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි .


මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීශා එස්. රත්නායක, ප්‍රධාන ගණකාධිකාරි ජේ.ඒ.ඒ.එස් නිල්මල්ගොඩ , මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.එම්.එස්.බී.රත්නායක, සහකාර පළාත් පාලන කොමසාරිස් එච්.ඒ.ඩී.ඩී.කේ.සිසිර නාත් යන මහත්ම මහත්මීන් ප්‍රාදේශීය සභා නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.