වාහන මනා ලෙස නඩත්තු කිරිම මගින් ඉන්ධන කාර්යක්ෂමතාවය ඇති කිරිම මුල් කර ගනිමින් රජයේ කාර්යාලවල වියදම අවම කර ගැනීමේ වැඩසටහන යටතේ , කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද ඒස්. වීරසූරිය මහතාගේ සංකල්පයක් අනුව රියදුරු මහතුන් දැනුවත් කිරිමේ වැඩ සටහනක් ඊයේ (20) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ඒ් අනුව තිබෙන වාහන පිළිගත් ක්‍රමවේදයක් යටතේ මනා ලෙස නඩත්තු කිරිම,වාහන පැදවීමේදී මාර්ගය පිළිබදව රියදුරු මහතුන්ට මනා අවබෝධයක් පැවතිම, වාහනවල තිරිංග පද්ධතිය ගැන සැළකිලිමත් විම, වාහනයට සුදුසු නියමිත ටයර් භාවිතා කිරිම, මාර්ග සංඥ පිළිබඳ සැලකිලිමත්වීම, නිසි වේලාවට ඉන්ධන පිරවීම යන කරුණු ගැන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රියදුරු මහතුන් දැනුවත් කිරිම , කෑගල්ල දිස්ත්‍රික් මෝටර්රථ පරීක්ෂක කුමාරසිංහ මහතා අතින් සිදු කෙරිණි.


මෙම අවස්ථාවට කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද ඒස්. වීරසූරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (සංවර්ධන ) දිනීෂා ඒස්. රත්නායක යන මහත්ම මහත්මීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියළුම මාණ්ඩලික නිලධාරීන් ඇතුලු පිරිසක් එක් වූහ.