මීපිටිය අරුණෝදය ග්‍රාම සංවර්ධන සමිතිය මගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් ඖෂධීය පැළ සහිත භූමියක් දැනට වසර ගණනාවක සිට වල්බිහි වී ඇති බවත්, එය ශුද්ධ පවිත්‍ර කර දෙන ලෙසත් එම සංගමය මගින් දිසාපතිතුමාට පසුගිය දිනක කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස එම භූමිය ශුද්ධ පවිත්‍ර කිරීම අද (23)දින පෙරවරුවේ දී සිදුවිය.


මෙම භූමිය සතුව ඖෂධීය වටිනාකම් වලින් යුත් ශාක බොහොමයක් පවතින අතර වල් බිහි වීම හේතුවෙන් නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි විය. ඒ අනුව අරුණෝදය ග්‍රාම සංවර්ධන සමිතියේ සාමාජිකයන් පිරිසක් විසින් එම භූමිය ශුද්ධ පවිත්‍ර කිරීමෙන් අනතුරුව දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා විසින් නෙල්ලි ශාකයක් එම භූමියේ රෝපණය කිරීමද අද දින සිදුවිය.


එම අවස්ථාවට කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස් නිශාන්ත ,දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද මහතා ඇතුළු නිලධාරීන් ගම්වාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.