රාජ්‍ය සේවකයින්ට විදේශ රැකියාගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කෑගල්ල දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහිදී රජයේ නිලධාරීන්ට විදේශ රැකියාවල නියුක්ත වීමට ඇති අවස්ථා, විදෙස් රැකියා වෙළඳපල හා සුදුසුකම් සපුරාගැනීම ආදිය පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරිණි.
විදේශ රැකියා සංවර්ධන නිලධාරී ලංකා සුමනදාස මහතා විසින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මෙහෙයවනු ලැබූ අතර මේ අවස්ථාව සඳහා සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී මහත්මිය, කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී හරේන්ද්‍ර උඩුමුල්ල මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


















