සම්ප්රදායික ආහාර ප්රවර්ධනය හා පෝෂණය පිළිබඳ රාජ්ය සේවකයින් දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (29) කෑගල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
සමබල ආහාර රටාවක් පවත්වාගැනීම, දේශීය ආහාර වල ඇතුළත් පෝෂණය, ඌන භාවිත එළවළ පළතුරු වල ඇති වැදගත්කම, සුලබ දේශීය ආහාර කල්තබා ගැනීම ආදී අංශයන් පිළිබඳ මෙහි දී අවධානය යොමු කළ අතර මෙම දැනුවත් කිරීම සඳහා සම්පත් දායකත්වය සපයනු ලැබුයේ කෘෂිකර්ම මෙහෙයුම් නිලධාරී ජේ.බී.එල්.ජයසිංහ මහතා විසිනි.
දේශීය ආහාර ප්රවර්ධනය වත්මන් ආහාර අර්බුදයට යම් විසඳුමක් සේම දේශීය ආහාර පිළිබඳ දැනුම මතු පරම්පරාවට ලබා දීම වැදගත් යැයි කෑගල්ල අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) චරිතා ඉංගකෝන් මහත්මිය මෙහි දී සඳහන් කළාය.
දිස්ත්රික් ලේකම් කාර්යාලයේ විවිධ අංශ සඳහා බීජ බෙදාදීමක් ද මෙහි දී සිදු කෙරිණි.
දිස්ත්රික් සංස්කෘතික අංශය විසින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබූ අතර මෙම අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්රික් ලේකම් (සංවර්ධන) දිනීෂා එස්. රත්නායක, දිස්ත්රික් ප්රධාන ගණකාධිකාරී චාන්දනී නිල්මල්ගොඩ , දිස්ත්රික් සංස්කෘතික නිලධාරී පද්මිණි වික්රමලතා යන මහත්මීන් ඇතුළු දිස්ත්රික් ලේකම් කාර්යාලයේ විවිධ අංශ රැසක නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.






















