කෑගල්ල දිස්‍ත්‍රික් කෘෂිකර්ම කමිටුව දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමයට අද (05) පෙරවරුවේ දී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
වසම් මට්ටමින් ග්‍රාමීය කමිටු පිහිටුවා ශක්තිමත් කිරීම, ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පොහොර බීජ හා රෝපණ ද්‍රව්‍ය බෙදාහැරීම, ගෙවතු වගා දිරිමත් කිරීම, දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල වගා කටයුතු සිදු කිරීම හා රාජ්‍ය ආයතන ඒකාබද්ධව කෘෂිකාර්මික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, දිස්ත්‍රික්කය තුළ රජයේ හා පෞද්ගලික වතු ආශ්‍රිතව වගා කටයුතු සිදු කිරීම, ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන නව වැඩසටහන්, ආදී කරුණු රාශියක් පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරුණු අතර මේ සම්බන්ධව සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රගතිය සම්බන්ධයෙන් දිසාපතිතුමාගේ අවධානය යොමු විය.
එමෙන්ම බහුකාර්ය නිලධාරීන් කළමනාකරණය කර ගනිමින් දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික අංශ වලට යොමු කිරීම සහ රජයේ ඉඩම් සහ වගා කළ හැකි අනෙකුත් පාසල් සහ පන්සල් වැනි ස්ථාන වල වගා කටයුතු සිදු කිරීම යන කරුණු සම්බන්ධයෙන් දිසාපති මහින්ද එස්. වීරසූරිය මහතා අදාළ අංශ වෙත මෙහි දී උපදෙස් ලබා දුන්නේය.
මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉංගකොන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (සංවර්ධන) දිනීෂා එස්. රත්නායක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සමෘද්ධි කොමසාරිස් ටී.ඒ.පී. කුසුම්සිරි යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රදේශීය ලේකම්වරුන් සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් රැසක් සහභාගී වූහ.



















