කෑගලු දිස්ත්‍රික්කයේ පවතින ඉන්ධන ගැටලු සඳහා ගත හැකි ඉදිරි සැලසුම් පිළිබඳ සිදු කෙරෙන විශේෂ හමුවකදී සමකාලීන මිතුරන් අහඹු ලෙස මුණගැසීමේ සුවිශේෂී අවස්ථාවක් අද දින අප කැමරා කාචයේ සටහන් විය .
ඒ අනුව වර්තමාන කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/ දිසාපති මහින්ද වීරසූරිය මහතා උසස් අධ්‍යාපනය ලත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමකාලීන මිතුරන් වන මෙම සියලුම නිලධාරීන් අද වන විට සබරගමු පලාත තුල පරිපාලන ක්ෂේත්රයේ ඉහළම නිලතල දරමින් මහජන සේවයේ නිරත වෙමින් සිටියි.
කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය, සබරගමු පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න, කෑගල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරී කන්දෙවත්ත,ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සබරගමු පළාත් කළමනාකරු වයි.එම්.එස් චන්ද්‍ර වංශ යන මහත්වරුන් මෙම ඡායාරූපයෙහි සිටියි.
















