ජුලි 31 වන දිනට යෙදෙන ජාතික ක්‍රීඩා දිනය නිමිත්තෙන් රාජ්‍ය නිලධාරීන් සඳහා ශාරීරික හා මානසික යෝග්‍යතා වැඩසටහනක්, පාපන්දු පුහුණු උපදේශක ලලිත් ජයවර්ධන මහතාගේ සම්පත් දායකත්වයෙන් අද (29) දින පෙරවරුවේදී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රයේදී පැවැත්විණි.
වර්තමානය වන විට බොහෝ පිරිසක් බෝ නොවෙන රෝග වලින් පිඩා විදීම , මානසික ආතතිය නිසා විවිධ රෝගාබාධයන්ගෙන් පීඩා විදීම, පාසල් යන වයසේ දරැවන් එලිමහන් ක්‍රිඩා වලින් ඇත්වීම් ආදි කරුණු හේතුවෙන් ආබාධයන්ට ලක්විම වැනි කරුණු හේතුවෙන් ව්‍යායාමයන්හි නිරත වීමේ අවශ්‍යතාවය නිරන්තරයෙන් පවතින බව මේ අවස්ථාවට එක් වෙමින් අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මිය පැවසුවාය.
මීට සමගාමීව හදිසි අවස්ථාවකදි විධිමත්ම හා මනා පුහුණුවකින් යුතුව ප්‍රථමාධාරයන් ලබා දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ප්‍රායෝගික ක්‍රියාකාරකම් යොදා ගනිමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරිමක් ද කෑගල්ල රතු කුරුස සංවිධානයේ විධායක නිලධාරීනී නිමාලී අබේකෝන් මහත්මියගේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික් ක්‍රීඩා අංශය විසින් මෙම වැඩසටහන් මාලාව සංවිධානය කෙරිණි.
මෙම අවස්තාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිනීෂා එස්. රත්නායක , සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී, පරිපාලන නිලධාරිනී යාමිනි රත්නායක ,කෑගල්ල රතු කුරුස සංවිධානයේ ප්‍රථමාධාර පුහුණු උපදේශක මලිත දිසානායක, ආර්. එස්. ආර්. ජයලත් යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.





























