නූතන සමාජ අභියෝග හමුවේ සමස්ත සමාජයේම සුවපත් භාවය ඇති කිරීම සදහාත්, විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ මනස සුවපත් කරනු පිනිසත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යුගයේ කිරීම අවශ්‍යතාවක්ව පවතී.මේ තත්ත්වය මනාව හඳුනා ගත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් සංස්කෘතික අංශය දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන අනුකමිටු 05ක් ඔස්සේ විවිධ විශේෂාංගයන් මේ වන විටත් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.
ඒ යටතේ සංගීත අනු කමිටුව හරහා පාසල් යන දුවා දරුවන්ගේ රසවින්දනය උසස් මට්ටමකට ගෙන ඒම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් ළමා ගී රසවින්දන වැඩසටහනක් ඊයේ (01) කෑගල්ල බුද්ධ ජයන්ති ළමා නිවාසය කේන්ද්‍ර කරගනිමින් පැවත්විණ.
මෙම වැඩසටහන සදහා ගීත රසවින්දනයෙන් මෙන්ම සංගීතය හා ගීත ගායනයෙන්ද එක් වූයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් වීම විශේෂත්වයකි.
ළමුන් 28 දෙනෙකුගෙන් සමන්විත මෙම බුද්ධ ජයන්ති ළමා නිවාසයෙහි දරුවන්ට ගීත ගායනා කිරීමට මෙන්ම නර්තනය කරමින් නිදහසේ කාලය ගත කිරීමටත් අවස්ථාව මෙහිදී උදාවිය.
දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරීනී පද්මිනී වික්‍රමලතා මහත්මිය ප්රමුඛ දිස්ත්‍රික් සංස්කෘතික අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට බුද්ධ ජයන්ති ළමා නිවාසයෙහි කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.





















