කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා ඉඳිකෙරෙමින් පවතින නව ගොඩනැගිල්ලේ ඉඳිකිරීම් කටයුතු සම්බන්ධ ප්‍රගති සමාලෝචන රැස්වීමක් කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රෙය් දී පැවැත්විණි.
ඉඳිකිරීම් ක්‍රියාවලියේ භෞතික ප්‍රගතිය හා මූල්‍ය ප්‍රගතිය මෙහි දී සාකච්ඡාවට ලක් කළ අතර රටේ පවතින ආර්ථික වාතාවරණය හේතුවෙන් නව ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු කෙරෙහි ද මෙහි දී විශේෂ අවධානය යොමු කෙරිණි.
මේ අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ අධ්යක්ෂ ජනරාල් (තාක්ෂණික) එච්.ඩබ්.එස්.පී ජයවර්ධන මහතා මාර්ග ගත ක්‍රමයට සම්බන්ධ වූ අතර කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (සංවර්ධන) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් ඉංජිනේරු සාරානාත් විමලචන්ද්‍ර, ව්‍යාපෘති උපදේශක මහාචාර්ය සමිත මානවඩු යන මහත් මහත්මීන් ඇතුළු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලධාරීන් පිරිසක් ද මීට සහභාගී වූහ.



















