ආබාධ සහිත ප්‍රජාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා මධ්‍යම රජය සහ පළාත් සභාව මගින් ලබාදෙන ප්‍රතිපාදනවලට අමතරව ස්වශක්ති අරමුදල නිසි පරිදි යෙදවීමට කටයුතු කල යුතු බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසුරිය මහතා සඳහන් කරයි.
කෑගල්ල දිසාපතිවරයා මෙසේ සඳහන් කළේ සමාජ සේවා නිලධාරින්ගේ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීම සහ දිස්ත්‍රික් ස්වශක්ති සංව්ධානයේ නිලවරණය අද (18 ) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අවස්ථාවට සහභාගිවෙමිනි.
මෙහිදි දිස්ත්‍රික් ස්වශක්ති සංවිධානය සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කර ගැනීමද සිදු කෙරිණි.
මෙයට සමගාමීව ආබාධ සහිත පුද්ගලයින් සඳහා නිවාස ආධාර ලබාදීමේ වැඩසටහනෙහි වත්මන් ප්‍රගතිය හා පවතින ගැටලු සහ ඒ සඳහා ලබාදිය හැකි විසදුම් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන ) චරිතා ඉලංගකෝන් ,දිස්ත්‍රික් නිවාස සංවර්ධන අධිකාරියේ කළමණාකරු ඩබිලිව්. එච් .කරුණාසිංහ ,දිස්ත්‍රික් සමාජ සේවා නිලධාර එස් රන්දෙනිය, පළාත් සභා සහ ප්‍රාදේශිය සමාජ සේවා නිලධාරින් සහ ස්වශක්ති සංවිධානවල නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.























