පසුගියදා කෑගල්ල දිස්ත්‍රික්කයට ඇද හැලුණු අයහපත් වර්ෂාව හේතුවෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බේරෙන්නාව ග්‍රාම නිලධාරී වසමේ පවුල් හැත්තෑ දෙකක් ගංවතුරෙන් පීඩාවට පත්ව අවතැන් වූ අතර එම පවුල් සඳහා බෙරෙන්ඩිනා සංවර්ධන ආයතනය මගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඉල්ලීමක් පරිදි මූල්‍ය පරිත්‍යාග කිරීමක් අද (22) පෙරවරුවේදී දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා වෙතට පිරිනැමීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි .
මෙම අවස්ථාවට දිස්ත්‍රික් ආපදා සහකාර අධ්යක්ෂ අනුෂ්ක චමිල, කෑගල්ල දිස්ත්‍රික් ප්‍රජා සංවර්ධන සම්බන්ධීකාරක එල් .පී ජී .චන්දන , දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක නිශාන්ත ප්‍රේමතිලක යන මහත්වරුන් එක්ව සිටියහ.
















