කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීම අද (24) පස්වරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී රැස් විය.
පසුගිය වාරයේ වාර්තාව සභාගත කරමින් දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීම ආරම්භ කෙරුණ අතර ක්ෂෙත්‍ර කිහිපයක ඉදිරි කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි. ඒ අනුව අඩු ආදායම්ලාභීන් සඳහා වියළි සලාක බෙදා දීම, දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩල කමිටුව පිහිටුවීම, විහාරස්ථාන ආශ්‍රිත ගෙවතු වගා පවත්වාගෙන යාම, දිස්ත්‍රික් සිසු නිපුණතා තරඟ පිළිබඳ දැනුවත් කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමු විය.
මේ අවස්ථාව සඳහා පහත බුලත්ගම කෝරළ තුන ඇතුළු සතර කෝරළ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක, විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති, වෑවලදෙණිය සිරි මහින්දෝදය පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය හෙම්මාතගම සිද්ධාර්ථ නා හිමිපාණන් වහන්සේ, සතර කෝරළ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක, විශ්‍රාමලත් විදුහල්පති, දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී, පින්නවල ශ්‍රී සුදර්ශනාරාම අධිපති පූජ්‍ය දුනුකේවල සීලවිමල නාහිමිපාණන් වහන්සේ ඇතුළු ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලවල ගරු සභාපති ස්වාමීන්වහන්සේලා සහ ලේඛකාධිවරු ස්වාමීන් වහන්සේලා, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් චරිතා ඉලංගකෝන්, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් පියතිස්ස යන මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරු, සහකාර ප්‍රාදේශීය ලේකම්වරු සහ දිස්ත්‍රික්කයේ සියළුම බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.



















