රාජ්ය අංශයේ ඵලදායී සේවයක් හා ශික්ෂිත විනය ගරුක රාජ්ය නිලධාරියෙකු බිහි කිරිමේ අරමුණින් පවත්වනු ලැබූ මූලික විමර්ශන ක්රියාවලිය සම්බන්ධ දෙදින වැඩමුළුවේ සහතික පත් පිරිනැමීම කෑගල්ල දිසාපති / දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (25) දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රයේදී සිදු කෙරිණි.
ආයතන සංග්රහය හා විනය කාර්යය කලමනාකරණය පිළිබඳ අවධානය යොමු කරමින් පැවැත් වූ මෙම පුහුණු වැඩමුළුව දිසාපතිතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ දිස්ත්රික් පුහුණු අංශය විසින් සංවිධානය කරනු ලැබීය.
සහකාර දිස්ත්රික් ලේකම් මල්ෂා එල් ප්රියදර්ශනී මහත්මියගේ සම්බන්ධීකරණය යටතේ සිදු කරනු ලැබූ මූලික විමර්ශන පිලිබද මෙම පුහුණු වැඩමුළුවේ සම්පත් දායකත්වය සපැයූයේ විශ්රාමික පරිපාලන සේවා නිලධාරී ඩබ්. ආර්. එච්. බී. ඇකිරියගල මහතා විසිනි.























