නව නිපැයුම් ක්‍රීඩාවක් හරහා සමාජ ශුභ සිද්ධිය ඇති කරමින් ජව සම්පන්න පුරවැසියකු සමාජගත කිරීමට හඳුන්වා දෙන one fast නම් වූ නවතම ක්‍රීඩාව පිළිබඳව කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා දැනුවත් කිරීමක් අද පෙරවරුවේ දී එම ක්‍රීඩාව හඳුන්වා දෙන එස්.එන්. නිශාන්ත මහතා විසින් සිදු කරන ලදී .
කෑගල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වන මෙම නව නිපැයුම්කරු විසින් හඳුන්වා දෙන මෙම one fast නවතම ක්‍රීඩාව ක්‍රිකට්, එල්ලේ, බැට්මින්ටන්, ටේබල් ටෙනිස්, බේස්බෝල්,සටන් කලාව, පාපන්දු යන ක්‍රීඩාවන් ගේ මව් ලක්ෂණ විද්‍යාමාන කරන ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විත වේ.
 
දැනටමත් මෙම ක්‍රීඩාව කෑගල්ල ඇකිරියගල විදුහලේ සිසුන් තම පුහුණු කටයුතු සඳහා තෝරාගෙන ඇති අතර මෙම තරඟය ප්‍රචලිත කිරීම එස්.එන්. නිශාන්ත මහතාගේ අරමුණ යි.