කෑගල්ල නගරය ආශ්‍රිත මහල් නිවාස ව්‍යාපෘතියක් ඉදි කිරිම පිළිබඳ මුලික සාකච්ඡාවක් අද දින (28 ) දිස්ත්‍රික් ලේකම් / දිසාපති මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.


නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ඕෂන් වීව් ඩිවලොප්මන්ට් සමාගම යටතේ මෙම ඉදි කිරිම් සිදු කිරිමට නියමිතය.


එ සඳහා අවශ්‍ය ඉඩම් හදුනා ගැනීම, අවශ්‍ය මිණුම් කටයුතු සිදු කිරිම, ප්‍රවේශ මාර්ග හදුනා ගැනීම , MBRO වාර්තා ලබා ගැනිම පිළිබඳව මෙහිදි සාකච්ඡා කෙරිණි.


මේ අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන ) දිනීෂා එස් රත්නායක, කැගල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස්. නිශාන්ත, ඕෂන් වීව් ඩිවලොප්මන්ට් සමාගමේ සභාපති මහින්ද සෙනෙවිරත්න, ජේෂ්ඨ හදන්නේ මිනින්දොරු අධිකාරී ඒ්. ඒ්. කේ. ඩයස්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් කළමනාකරු හේමා ශ්‍යාමලී යන මහත්ම මහත්මීන් , රාජ්‍ය නිලධාරීන්, ඕෂන් වීව් ඩිවලොප්මන්ට් සමාගමේ කළමණාකරුවන් ඇතුළු පිරිසක් එක් විය.