ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සිදුකෙරෙන හිංසනයන් වැළැක්වීම සඳහා රජයේ නිලධාරීන් ලෙස උපරිම කටයුතු කරන බවත් විශේෂයෙන්ම ළමා සහ කාන්තා හිංසනය වළක්වා නොගත හොත් ඒහි අනිසි බලපෑම සමස්ත සමාජයටම අත්විඳීමට සිදුවනු ඇතැයි කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද ඒස්. වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ් මහතා මේ බව සඳහන් කළේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත සිදුවන හිංසනයන් වැළැක්වීම සඳහා රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන ඒ්කාබද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඊයේ (31) පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි.
විශේෂයෙන්ම දරිද්‍රතාවය සහ ර්ආථික ගැටළු ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සිදුකෙරෙන හිංසනයන් සඳහා දැඩි බලපෑමක් කරන බැවින් පවුල් ඒකකය තුළ ආර්ථිකය ශක්තිමත් කළ යුතුව ඇතැයි ද ඒ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ළමා හා කාන්තා හිංසනය පිටුදැකීම සඳහා සමාජ ආකල්ප වෙනස් කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් ලෙස වැඩි වගකීමක් ඇති බව ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සිදුකෙරෙන හිංසනයන් වැළැක්වීම /ප්‍රතිචාර දැක්වීමට අදාළ රාජ්‍ය හා රාජ්‍ය නොවන යාන්ත්‍රණය වෙත යොමු කිරීමේ මොඩලය ඉදිරිපත් කරමින් ඒක්සත් ජාතීන්ගේ ජනගගහණ අරමුදලේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක ශාරිකා කුරේ මහත්මිය සඳහන් කළාය.
එමෙන්ම අදාළ රාජ්‍ය ආයතන හා ඊට සම්බන්ධ සියළු සිවිල් සංවිධාන ඒ්කාබද්ධව කටයුතු කළ හොත් ස්ත්‍රින් හා දරුවන් අරභයා සිදුකෙරෙන සියළුම හිංසනයන් අවම කර ගත හැකි වනු ඇතැයි මෙම අවස්ථාව හා සම්බන්ධ වූ කාන්තා , ළමා කටයුතු හා සමාජ සුබසාධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) නිල්මිණි හේරත් මහත්මිය සඳහන් කළාය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්ත්‍රී හා ළමා හිංසනයන්ගේ තත්වය සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.
මේ සම්බන්ධයෙන් කෑගල්ල හා සීතාවක කොට්ඨාස වල පොලිස් ළමා හා කාන්තා කාර්යංශ ප්‍රධානීන්, අධිකරණ වෛද්‍ය නිලධාරී, රජයේ නීතිඥ (නීතිපති දෙපාර්තමේන්තුව) , විශේෂඥ මනෝ වෛද්‍ය නිලධාරී , ප්‍රජා විශෝධන නිලධාරී හා නීති ආධාර කොමිසම නියෝජනය කරමින් ඉදිරිපත් කිරීම් සිදු කළ අතර දිස්ත්‍රික්කයේ මේ සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන ද අදහස් දැක්වීම සිදු කළහ. ඒමෙන්ම කෑගල්ල දිස්ත්‍රික් ළමා හා කාන්තා සංවර්ධන ඒ්කකය විසින් ද දිස්ත්‍රික්කයේ තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීම සිදු කරනු ලැබීය.
මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්(පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් සැළසුම් අධ්‍යක්ෂ ඒ්.ඒ් වීරකොන්, දිස්ත්‍රික් සමෘද්ධි කොමසාරිස් ටී.ඒ් කුසුම් බණ්ඩාර , සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා ඒල් ප්‍රියදර්ශනී, යන මහත්ම මහ්තමීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය වනිතා සංවර්ධන නිලධාරීන්, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්, ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර නිලධාරීන්, මුල් ලමා විය සංවර්ධන නිලධාරීන්, ළමාරක්ෂක නිලධාරීන්, උපදේශන නිලධාරීන් සහ උපදේශන සහකාර නිලධාරීන්, වනිතා සංවර්ධන ක්ෂෙත්‍ර සහකාර නිලධාරීන්, පොලිස් කාන්තා නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් සහ රජාය නොවන සංවිධාන නියෝජිතයින් සහභාගී වූහ.























