ක්‍රීඩාවෙන් හිමිවන්නේ ජයග්රහණයන් ලබා ගැනීම පමණක් නොව ජය පරාජ දෙකම සමව විද දරාගත හැකි සහ කුමන අභියෝගයකට වුවද නොසැලී මුහුණ දීමට හැකිවන පරිදි පුද්ගලයෙකුගේ ර්ව යාවන් මනා ලෙස පවත්වාගෙන යාමට ද ඉවහල් වන බව කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය සඳහන් කළාය.
ක්‍රීඩාව තුළින් ජයග්‍රහණ එක් අයෙකුට පමණක් හිමිවුවද ඊට සහභාගී වන්නන් ඉන් ජීවිතයට එකතු කර ගන්නා අත්දැකීම් සඳහා මහත් වටිනාකමක් හිමිවන බව ද ඒ මහත්මිය සඳහන් කළාය.
කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය මේ බව සඳහන් කළේ සබරගමු පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා අමාත්‍යංශය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර් යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර් යාල ඒකාබද්ධව 47 වන ජාතික මහා ක්‍රීඩා උළෙල සඳහා මළල ක්‍රීඩා තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ උත්සවයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි. කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව මෙම උත්සවය රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේ දී ඊයේ (05) පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික්කය තුළ පසුගිය මාස කිහිපය තුළ ජාතික මහා ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සඳහා අනෙකුත් දිස්ත්‍රික් හා කොට්ඨාස මට්ටමේ තරඟ රැසක් පැවැති අතර මළල ක්‍රීඩා තරඟ ඊයේ දිනයේ දී පැවැත්විණි.
මේ අවස්ථාව සඳහා රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් මොහොන් පී. විජේරත්න , සරබගමු පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂිකා චතුරංගිකා ප්‍රේමරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පළාත් හා දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීන්, ක්‍රීඩා විනිසුරුවන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූහ.






























