තෙවන කාර්තුවට අදාල විගණන කරුණු විමසා බැලෙන දිස්ත්‍රික් විගණන කළමනාකරණ කමිටු රැස්වීම අද (06) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්_යාලීය ශ්‍රවණාගාරයේදී දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී ගිණුම් කාරක සභාවේ නිර්_දේශ ක්‍රියාත්මක කිරීමේ පසුවිපරම් ප්‍රගතිය විමසා බැලීම, පසුගිය විගණන කළමනාකරණ කමිටු රැස්වීමේ ප්‍රගතිය විමසා බැලීම , දිස්ත්‍රික් ලේකම් කාර්_යාලයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්_යාලවල පොදු තැන්පත් සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස් කාර්_යාලය සමඟ සාකච්ඡාවට යොමු කිරීමට තීරණය කරන ලද දීර්ඝකාලීන බදු සම්බන්ධ විගණන විමසුම්, විදාතා මධ්‍යස්ථාන ආශ්‍රිතව පවතින ඇතැම් යන්ත්‍රෝපකරණ පවරාදීම සම්බන්ධයෙන් ,චක්‍රීය ණය වැඩසටහන් ,භාණ්ඩ මිලදී ගැනීම් පිරිවිතරයන්ට අනුකූල වීම සම්බන්ධව, පරිගණක තොරතුරු කළමනාකරණ පද්ධතිය ,අභ්‍යන්තර විගණන පසුවිපරම් ප්‍රගතිය, නව චක්‍රලේඛ , විගණකයින්ගේ විගණන විමසුම් සඳහා පිළිතුරු ලබා දීමේ ප්‍රගති ඇතුළු කරුණු රැසක් පිළිබඳ තොරතුරු විමසා බැලිණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිත ඉලංගකෝන් ,අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීශා එස්. රත්නායක ,අභ්‍යන්තර විගණක තුෂාරි ජයවර්ධන යන මහත්මීන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන් , කෑගල්ල විගණක අධිකාරී කේ. එම්.එච් අකවත්ත, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ ලෝචන මාන්නප්පෙරුම, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක කේ. ඒ. ඩී වසන්ත යන මහත්වරුන් ,ප්‍රාදේශීය ලේකම්වරුන්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ගණකාධිකාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.






















