ඉදිරියේ දී වැඩිහිටි ජනගහණය ඉහළ යාමත් සමඟ ඇති විය හැකි සමාජ වෙනස්වීම් පුරෝකථන කොට ඊට සූදානම් වීම වැදගත් බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද (07) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්_යාල ශ්‍රවණාගාරයේ දී පැවති කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිහිටි නිලධාරීන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගී වෙමිනි.


විශේෂයයෙන්ම ආර්_ථික අර්_බුදය හමුවේ වැඩිහිටියන්ගේ සමාජ ආර්_ථික සුරක්ෂිතභාවය අහිමි වීමේ අනතුරක් ඇති බැවින් එවැනි අවදානම් සඳහා මුහුණ දීමට ඊට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් මේ මොහොතේ සිට කටයුතු කිරීම වැදගත් බව ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.


වැඩිහිටි දීමනා ලබා දීම, සියවස් පූර්_ණ දීමනාව, සුවපහසුව වැඩසටහන, ආරෝග්‍යා වැඩසටහන, දිරිය පියස වැඩසටහන, වන්දනා චාරිකා වැඩසටහන, වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම, වැඩිහිටි දිවා මධ්‍යස්ථාන ඉදිකිරීම හා අළුත්වැඩියා කටයුතු, වැඩිහිටි දිවා මධ්‍යස්ථාන ඉදිකිරීම ආදී කරුණු පිළිබඳ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ප්‍රගතිය සාකච්ඡා කළ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිහිටි සුබසාධනය ඉහළ මට්ටමක පවත්වා ගැනීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රශංසාව අදාළ නිලධාරීන්ට හිමි විය.


එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිහිටි සුබසාධනය සදහා මේ වන විට රු.මි 24 ක මුදලක් ලැබී ඇති බව ද දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අනාවරණය විය.
මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, දිස්ත්‍රික් වැඩිහිටි නිලධාරීන් ඩිලානි කුමාරි යන මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් වැඩිහිටි නිලධාරීන් රැසක් සහභාගී වූහ.