සාහිත්‍ය මාසය නිමිත්තෙන් උත්කර්ෂවත්ව පැවැත්වීමට අපේක්ෂිත "කලා විභාෂී" සාහිත්‍ය මහෝත්සවය වෙනුවෙන් දිස්ත්‍රික් සාහිත්‍ය තරග අද (09) වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී ඇරඹිණි .
ඒ අනුව පද්‍ය ගායනා (ජේෂ්ඨ /ජේෂ්ඨද්විතීක) යන අංශ වලින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේත්, "කතන්දර කියවමු" තරග අංශයේ (සිංහල, ඉංග්‍රීසි, දෙමළ) මාධ්‍යයෙන් ප්‍රාථමික අංශ තරගත් අද දින පැවති අතර ඒ සඳහා තරගකරුවන් තිස් පස් දෙනෙකු පමණ සහභාගී විය.
මෙම වැඩසටහන දිස්ත්‍රික් සංස්කෘතික නිළධාරිනි පද්මිණී වික්‍රමලතා මහත්මිය ඇතුළු දිස්ත්‍රික් සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලදී .






















