කෑගල්ල හා පුත්තලම දිස්ත්‍රික් ළමා සමාජ දරුවන් අතර අත්දැකීම් හුවමාරු වැඩසටහනෙහි දෙවන අදියර සැප්තැම්බර් 10, 11 යන දෙදින පුත්තලම් දිස්ත්‍රික්කයේ මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍ර කරගනිමින් දෙදින පුහුණු වැඩසටහනක් ලෙසින් සාර්ථකව නිමාවට පත්විය.


කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා නිරන්තරයෙන්ම මෙම වැඩසටහන සඳහා උපදේශකත්වය හා මඟ පෙන්වීම ලබා දුන් අතර පුත්තලම් දිස්ත්‍රික් ලේකම් එච්. එම්.එස්.පී. හේරත් මහතා විසින් මෙම පුහුණු වැඩමුළු සඳහා සුවිශේෂී අවධානයක් හා මග පෙන්වීමක් ලබා දෙන ලදී .


ළමා සමාජවල දරුවන්ගේ පෞරුෂත්වය, කණ්ඩායම් හැඟීම, නිර්මාණශීලීත්වය මෙන්ම ඔවුන්ගේ මානසික සමබරතාවය වෙනුවෙන් පැවති මෙම දෙදින වැඩමුළුවෙහි ප්‍රථම දින පිළිගැනීම දමිළ නර්_තනාංග වලින් සමන්විත වූ අතර උඩප්පුව හින්දු මහා කෝවිලේ පැවති හින්දු පූජාවකින් පැමිණ සිටි පිරිසට ආශීර්වාද ලබාදීම සිදුකෙරිණි . අනතුරුව මුන්දලම කමත පුහුණු මධ්‍යස්ථානයේ දී ප්‍රවීණ කලාකරුවෙකු වන රොඩ්නි වර්ණකුල මහතා විසින් රසවින්දනාත්මක ගීත වැඩසටහනක් දරුවන් වෙනුවෙන් පවත්වන ලදී.


එදින රාත්‍රියෙහි මුහුදු වෙරළ අසබඩ ගිනිමැල සංදර්ශනයක් සමඟින් පැමිණ සිටි දරුවන්ගේ හැකියාවන් විද්‍යමාන කරමින් ගීත ගායන හා නර්_තන අංග ඇතුළත් විශේෂාංග වලින් එම රාත්‍රිය වර්_ණවත් විය.


අත්දැකීම් හුවමාරු වැඩසටහනෙහි දෙවන දින ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති කම්හල වන Insee කර්_මාන්තශාලාවේ ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා දරුවන්ට අවස්ථාව උදා වූ අතර පුත්තලම ලුණු ලේවායේ චාරිකාවකට ද ඉඩහසර වෙන් විය .කතෝලික බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍රවන ප්‍රසිද්ධ තලවිල පල්ලියට යාමට ද මෙහිදී දරුවන්ට අවස්ථාව උදාවිය .


ඒ අයුරින් දිස්ත්‍රික්ක දෙකෙහි දරුවන්ට ඒ ඒ ප්‍රදේශයන්ට ආවේණික සංස්කෘතීන් හා දැනුම හුවමාරු කර ගැනීමට අවස්ථාව හිමි වූ අතර ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මෙන්ම වර්_ල්ඩ් විෂන් ආයතනය ඇතුළු ආයතන රැසක ගේ අනුග්‍රහයෙන් මෙම දෙදින පුහුණු වැඩසටහන ක්‍රියාත්මක විය .


මෙම කර්තව්‍ය සාර්_ථකව සංවිධානය කරන ලද්දේ කෑගල්ල දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී රූපා කීරගල මහත්මිය හා පුත්තලම් දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විසිනි.


මෙම පුහුණු වැඩසටහන හි පළමු අදියර පසුගිය මාර්තු 03,04 කෑගල්ල දිස්ත්‍රික්ක යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍රකරගනිමින් පැවැත්විණි .


මෙම අවස්ථාවට යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතංගොඩ ,පුත්තලම් දිස්ත්‍රික් සහකාර ලේකම් සශීමා ගංගානි, මුන්දලම ප්‍රාදේශීය ලේකම් රොහාන් දසනායක ,සහකාර ප්‍රාදේශීය ලේකම් සාලිය බණ්ඩාර, කෑගල්ල හා පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්, වර්_ල්ඩ් විෂන් ආයතනයේ දීප්ති සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ .