ග්‍රාමීය ආර්_ථික පුනර්_ජීිවන හා ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කොට ආර්_ථිකය සවි බල ගැන්වීම සඳහා ඒ සම්බන්ධ සියළු රාජ්‍ය ආයතන ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කිරීම වඩා වැදගත් බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්_ථික පුනර්_ජීිවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයේ දිස්ත්‍රික් ව්‍යුහය සකස් කිරීමේ මූලික සාකච්ඡාවට සහභාගී වෙමිනි.
විශේෂයෙන් දිස්ත්‍රික්යේ ජනතාවගේ දරිද්‍රතාවය අවම කොට ජීවන තත්වය නඟා සිටුවීම සඳහා ආදායම් උත්පාදන අවස්ථා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම කළ යුතු බවත් විදේශ විනිමය ලැබිය හැකි ව්‍යවසායකයින් බිහි කිරීම ද ඊට සමගාමීව සිදු කළ යුතු බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.
එමෙන්ම දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ ආහාර හා පෝෂණය පිළිබඳවද මෙම සාකච්ඡාවේ දී විශේෂ අවධානයක් යොමු කෙරිණි.
නව ජාතික වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කෙරෙන ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්_ථික පුනර්_ජීිවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු- ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් මෙහිදී සාකච්ඡා කෙරිණි .
මෙම අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකොන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස්. රත්නායක, දිස්ත්‍රික් සැළසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකෝන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සමෘද්ධි කොමසාරිස් කුසුම් බණ්ඩාර, කෑගල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශණී යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්, නියෝජ්‍ය සැළසුම් අධ්‍යක්ෂවරුන්, සහකාර සැළසුම් අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, සෞඛ්‍ය සේවා නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.




















