මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව හා දිස්ත්‍රික් ලේකම් කාර්_යාලයේ රැකියා කේන්ද්‍රය එක්ව "දිනන්නට හෙට දින" දිස්ත්‍රික් රැකියා පොල අද (23) පෙරවරුවේදී තරුණ තරුණියන් රැසකගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්_යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා ප්‍රකාශ කළේ රැකියා වියුක්තිය ඉහළ දිස්ත්‍රික්කයක් ලෙස තම දිස්ත්‍රික්කයේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් තම සුදුසුකම්වලට ගැළපෙන රැකියාවක් සඳහා යොමු කිරීම මෙම රැකියා පොළෙහි අපේක්ෂාව වන බවයි . දැඩි ආර්_ථික අර්_බුදයක් පවතින තත්ත්වයක් හමුවේ රැකියා අහිමිවන කාලයක මෙන්ම විවිධ ආයතන දැඩි අර්_බුදකාරී මට්ටමක පවත්වාගෙන යන මොහොතක තරුණ තරුණියන් වෙනුවෙන් මෙම රැකියා පොළ සඳහා ඉදිරිපත් වූ ආයතන වලට තම ස්තුතිය විශේෂයෙන් පළ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.
"දිනන්නට හෙට දින" රැකියා පොළ සඳහා රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන විස්සකට අධික ප්‍රමාණයක් අද දින එක් විය.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මිය ,දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රයේ සම්බන්ධිකරණ නිලධාරී රංජිත් මුගුණුවෙල මහතා ඇතුළු එම කාර්_ය මණ්ඩලය, රාජ්‍ය හා පෞද්ගලික ආයතන නියෝජිතයන්, තරුණ තරුණියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.





















