දිස්ත්‍රික් ලේකම් කාර්_යාලට අනුබද්ධිත 'දිදුල' පෙරපාසල හා දිවා සුරකුම් මධ්‍යස්ථානයේ දරුවන් හා කුරුඳුහින්න Dream පෙර පාසලේ දරුවන් හා එම දෙමාපියන් එක්ව පසුගිය ඔක්තෝම්බර් පළමු වන දිනට යෙදුණු ලෝක ළමා දිනයට සමගාමී දිස්ත්‍රික් සමරුම් වැඩසටහනක් පින්නවල අලි අනාථාගාර පරිශ්‍රයේදී සංවිධානය කර තිබුණි .


පැමිණ සිටි දරු දැරියන් විසින් විවිධ නර්තනාංග, කවි, ගීත ගායනා කරමින් තම හැකියාවන් පෙන්වූ අතර ගුරුවරුන් ගේ අපූරු නර්_තනාංග සමගින් වින්දනාත්මක හෝරා කිහිපයක් ගත කිරීමට සහභාගි වූ පිරිසට එහිදී අවස්ථාව උදාවිය .


ලෝක ළමා දිනය වෙනුවෙන් එදින සියලුම දරුවන්ට හා දෙමාපියන් ට අලි අනාථාගාරය නැරඹීමට නොමිළේ අවස්ථාව ලබා දී තිබූ අතර කෑගල්ල ලංකා බැංකු රෝහල් ශාඛාව සහ පෞද්ගලික ආයතනයක් විසින් මෙම වැඩසටහන සඳහා මූල්‍ය දායකත්වය ලබා දෙන ලදී .


මෙම ළමා දින සැමරුම දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්_ධන නිළධාරිනි භද්‍රා අබේවික්‍රම මහත්මිය විසින් සංවිධානය කර තිබුණි.


එම අවස්ථාවට සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී, පින්නවල අලි අනාථාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මිහිරාන් මැදවල, පශු වෛද්‍ය නිලධාරී රොෂාන් නිමල් ශාන්ත, දිස්ත්‍රික් ඉංජිනේරු සාරානාත් විමල චන්ද්‍ර, සංවර්_ධන නිළධාරිනී චන්ද්‍රිකා පියදර්ශනී යන මහත්ම මහත්මීන් ,ලංකා බැංකු කළමනාකාරතුමන්, දරුවන්, දෙමවුපියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.