දිස්ත්‍රික්කය තුළම පෝෂණ අවස්ථා සපුරා ගැනීම මිරිදිය මත්ස්‍ය වගා වැඩසටහන ප්‍රවර්_ධනය කිරීම කෙරේ අවධානය යොමු කළ යුතු යැයි කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද (04) පෙරවරුවේ දී පැවති දිස්ත්‍රික් කෘෂිකර්_ම කමිටුවට සහභාගී වෙමිනි.
ආර්_ථික හා ආහාර අර්_බුදයකට මුහුණ පා සිටින අවස්ථාවක මිරිදිය මත්ස්‍ය වගාව ජනතාව අතර ජනප්‍රිය කිරීම වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ඒ සඳහා යොදා ගත හැකි කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ මෙහි දී සාකච්ඡාවට යොමු කෙරිණි. එමෙන්ම දිස්ත්‍රික්කයේ කෘෂිකාර්_මික ක්ෂේත්රයේ වන සතුන් හානිය අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්_ග සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් එක්ව වවමු රට නගමු ජාතික වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ගෙවතු වගා වැඩසටහන , කැපකරු ගොවිබිම්, ඌන උපයෝජන ඉඩම් වල වගා කටයුතු, ආගමික ස්ථාන වල වගා කටයුතු ආදී කරුණු රැසක ප්‍රගතිය පිළිබඳ මෙහිදී අවධානයට ගැණිනි.
ගොවිජන සේවා දෙපාර්_තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්_තමේන්තුව, රබර් සංවර්_ධන දෙපාර්_තමේන්තුව, සමෘද්ධි සංවර්_ධන දෙපාර්_තමේන්තුව , අපනයන කෘෂිකර්_ම දෙපාර්_තමේන්තුව, පොල් සංවර්_ධන මණ්ඩලය ඇතුළු දිස්ත්‍රික්කයේ කෘෂිකර්_ම ක්ෂේත්රයට සම්බන්ධ ආයතන රැසක ප්‍රගතිය පිළිබඳ මෙහිදී අවධානයට යොමු කෙරිණි.
මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස්. රත්නායක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සැළසුම් අධ්යක්ෂ ඒ.ඒ වීරකෝන්, දිස්ත්‍රික් සමෘද්ධි කොමසාරිස් කුසුම් බණ්ඩාර , ගොවිජන සේවා සහකාර කොමසාරිස් කළණ ජයනන්ද යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, කෘෂිකර්ම ක්ෂේත්රයට සම්බන්ධ නිලධාරීන් රැසක් හා දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.



















