×

Message

Invalid Page Request

ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා ක්‍රියාමාර්_ග ගන්නා අතරම දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආහාර පුරුදු වෙනස් කිරීම සඳහා ද දැනුවත් කිරීම් කළ යුතු යැයි කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්_ථික පුනර්_ජීවන කෙන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු - ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයේ කෑගලු දිස්ත්‍රික් වැඩසටහනේ ඉදිරි ක්‍රියාමාර්_ග පිළිබඳ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් පැවති රැස්වීමකට සහභාගී වෙමිනි.


විශේෂයෙන්ම පෝෂණය පිළිබඳ අවධානය යොමු කරමින් සමබල ආහාර වේලක් ලබා ගැනීම සඳහා අවට පරිසරයෙන් පහසුවෙන් ලබා ගත හැකි ආහාර ‍ පිළිබඳ රාජ්‍ය නිලධාරීන් හරහා ජනතාවට අවබෝධයක් ලබා දීම වැදගත් බව දිසාපති මහින්ද එස්. වීරසූරිය මහතා මෙහිදී අවධාරණය කළේය.


ඒ අනුව දිස්ත්‍රික්කයේ සියළුම දරුවන්ගේ , මව්වරුන්ගේ සහ සියළුම දෙනාගේ ආහාර අවශ්‍යතා සහ පෝෂණ අවශ්‍යතා සම්පූර්_ණ වක බව සහතික කිරීම, දිස්ත්‍රික්කය සඳහා අවශ්‍ය ආහාර භෝග හැකිතාක් වගා කිරීමට උනන්දු කිරීම මඟින් ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම, දිස්ත්‍රික්කය තුළ ඇති කොස්, දෙල්, වල් දෙල්, හා පළතුරු අස්වැන්න උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීම, රාජ්‍ය අංශය ,පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන , වෙළඳ සංවිධාන , වෘත්තිකයින් සහ පුද්ගලයින් සම්බන්ධ කරගනිමින් හදිසි හා අවදානම් පවුල්වල ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම හා පෝෂණ අවශ්‍යතා සම්පූර්_ණ කිරීම යන ප්‍රධාන අරමුණු හතර මත ක්‍රියාත්මක කෙරෙන ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්_ථික පුනර්_ජීවන කෙන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු - ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයේ එකී අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්_ග පිළිබඳ අද දින සාකච්ඡාවට ලක් කෙරිණි.


මේ සඳහා රාජ්‍ය නිලධාරීන් යොදවා ගනිමින් ග්‍රාමීය සමීක්ෂණ කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳ අවධානය යොමු කළ අතර දිස්ත්‍රික්කයේ පෝෂණ අවශ්‍යතා දිස්ත්‍රික්කය තුළම සපුරා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්_ග පිළිබඳ ද සාකච්ඡා කෙරිණි.


මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් (පාලන) ලේකම් චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස්. රත්නායක, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකෝන්, දිස්ත්‍රික් කෘෂිකර්_ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සමෘද්ධි කොමසාරිස් කුසුම් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්, සෞඛ්‍ය අංශ ප්‍රධානීන්, අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කළ නිලධාරීන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින්, දිස්ත්‍රික් වාණිජ මණ්ඩල නියෝතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.