USAID –PARTNER වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ‘අගය එකතු කරන ලද කුළුබඩු නිෂ්පාදනය’ සාකච්ඡාවක් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් /දිසාපති මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) දින දිස්ත්‍රික් ලේකම් කාර්_යාලයේ දී පැවැත්විණි.
මෙම වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ තෝරා ගත් සුළු අපනයන නිෂ්පාදන සඳහා අගය එකතු කරමින් වැඩි වෙළඳපල වටිනාකමක් ලබා දීමට අපේක්ෂා කරන අතර ඒ් වෙනුවෙන් ආයෝජන අවස්ථා දිස්ත්‍රික්කය වෙත ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.
එසේ පැමිණෙන ආයෝජකයන් වෙනුවෙන් රජයේ පාර්_ශවය නියෝජනය කරමින් පහසුකම් සැපයීමට කටයුතු කරන බව දිසාපති මහින්ද එස්. වීරසූරිය මහතා මෙහිදී අවධාරණය කළේය.
මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් , අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස්. රත්නායක, දිස්ත්‍රික් සැළසුම් අධ්යක්ෂ ඒ්.ඒ් වීරකෝන්, දිස්ත්‍රික් කෘෂිකර්_ම අධ්යක්ෂ මංජුල පින්නලන්ද, ලංකා කාර්_මික සංවර්_ධන මණ්ලයේ ප්‍රාදේශීය අධ්යක්ෂ එස්.ඒ්.ජී සේනානායක, USAID –PARTNER ව්‍යාපෘතිය නියෝජනය කරමින් Deloitte Sri Lanka ආයතනයේ දේශීනී අබේවර්ධන, ලලිත් විතානගේ, රංජිත් විජේකොන්, දිනේෂ් ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.



















