කෑගල්ල දිස්ත්රික්කයේ සිටින කලා ක්ෂේත්රය වෙනුවෙන් අමිල මෙහෙයක් ඉටු කරනා ප්රවීණතම කලාකරුවන් පිරිසකට විශේෂ ආධාර ලබා දීමේ "කලාකරු සුවදම්" වැඩසටහනක් අද (12) දින දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි.
කෑගල්ල දිසාපති /දිස්ත්රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ක්රියාත්මක මෙම වැඩසටහන දිස්ත්රික් සංස්කෘතික නිලධාරිනී පද්මිණි වික්රමලතා මහත්මිය ඇතුළු දිස්ත්රික් සංස්කෘතික අංශ විසින් සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, ගණකාධිකාරි චාන්දනී නිර්මාල්ගොඩ,දිස්ත්රික් සංස්කෘතික බල මණ්ඩලයේ ප්රධාන අනුශාසක විජේරත්න අතුරුපාන, උප සභාපති සුනිල් ගම්ලත් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ .























