කෑගල්ල දිස්ත්‍රික්කය තුළ පවතින ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් විසඳා ගැනීමට නොහැකි වූ ඉඩම් ගැටලු විසඳාගැනීම සඳහා දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ පූර්ණ උපදෙස් මත ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඍජු මැදිහත්වීමෙන් එම ගැටලු විසඳා ගැනීමේ විශේෂ හමුවක් (18)දින පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි .
එම හමුවේදි මෙතෙක් කාලයක් ඉඩම් කොමසාරිස් වෙත ගොනු වන බදු ඉල්ලීම් අනුමත වීමට දීර්ඝ කාලයක් ගතවීම හේතුවෙන් ගැටලු රාශියක් මතුව තිබූ අතර එම තත්වය මග හරවා ගැනීමට නව ක්‍රමවේද ඉදිරියේදී සකස් කිරීමට කටයුතු කරන බවට තීරණය විය.
තවද රජයේ ඉඩම් සදහා ඔප්පු, දීමනාපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති සංශෝධිත ඉඩම් සංවර්ධන ආපදා පනත යටතේ කටයුතු කිරීම මගින් ඉඩම් ගැටලු රැසක් සඳහා විසඳුම් ලබාදීමට ඇති හැකියාව පිළිබඳව ඉඩම් කොමසාරිස් ජනරාල් කේ.ඩී.බන්දුල ජයසිංහ මහතා විසින් මෙහි දී වැඩිදුරටත් පැහැදිලි කිරීම සිදු කරන ලදී .
එසේම දීර්ඝ කාලයක සිට ඉඩම් සඳහා ගෙවිය යුතු බදු මුදල් පැහැර හැරීම නිසා රජයට විශාල ආදායමක් අහිමි වී ඇති බැවින් එම ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමට ද කටයුතු කළ අතර අදාළ බදු මුදල් කඩිනමින් අයකර ගැනීමට අවධානය යොමු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවද මෙම හමුවේදී අනාවරණය විය .
එම අවස්ථාවට දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය ,අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීශා එස්. රත්නායක, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (කෑගල්ල) ඩබ්ලිව්.කේ.වී.ඩී තුලරා,ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් පුබුදි ප්‍රේමදාස, පළාත් ඉඩම් කොමසාරිස්තුමා ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන් ,මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඉඩම් ක්ෂේත්‍රයට අදාළ ඒ ඒ අංශවල නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ .





















