කෑගල්ල දිස්ත්‍රික්කයට මෙතෙක් අඩුපාඩුවක් පවතින දිස්ත්‍රික් නර්තන සංචිතයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය හදුනා ගත් දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ සංකල්පයකට අනුව සමස්ත දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි පාසල් හා විවෘත අංශයේ නර්තන ශිල්පීන්ගේ එකතුවෙන් නර්තන සංචිතයක් ඇති කිරීම සඳහා වූ ඔවුන්ගේ සුදුසුකම් විමසා බැලෙන සම්මුඛ පරීක්ෂණය අද (21) දින කෑගල්ල තරුණ බෞද්ධ සංගම් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි .
දිස්ත්‍රික් සංස්කෘතික නිළධාරිනී පද්මිණී වික්‍රම ලතා මහත්මිය ඇතුළු දිස්ත්‍රික් සංස්කෘතික අංශය හා කෑගල්ල සංස්කෘතික මධ්‍යස්ථානයේ එක්ව මෙම අවස්ථාව සංවිධානය කර තිබිණි.
























