කෑගල්ල දිස්ත්‍රික්කයේ වැවිලි ප්‍රජා සන්නිවේදන නිලධාරීන්ගේ ප්‍රගතිය විමසා බැලීමේ හමුවක් අද (25) පෙරවරුවේදී දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .
මෙම හමුවේ දී ගම සමග පිලිසදර වැඩසටහනට අදාළ දැරණියගල වතු නිවාස ව්‍යපෘතිය, රුවන්වැල්ල වතු නිවාස ව්‍යපෘතිය ,ආහාර සුරක්ෂිතතාව හා පෝෂණ වැඩසටහන්වල දායකත්වය ,වතු ආශ්‍රිතව පවතින අධ්‍යාපන, පෝෂණය,සෞඛ්‍යය ඇතුළු කරුණු රැසක් පිළිබඳ අවධානය යොමු විය.
එහිදී අදහස් දැක්වූ දිසාපතිතුමන් කියා සිටියේ වතුකරයේ ජනතාවගේ සුබසාධනය රටේ ආර්ථික ප්රගමනය සදහා සුව්ශේෂි වන බවත් එම ජනතාවගේ පසුගාමිත්වය සෘජුවම රටේ සංවර්ධනය කෙරෙහි බලපාන බවයි .එහෙයින් ඔවුනගේ ජීවන තත්ත්වය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් පවතින ගැටලු විසඳා ගැනීම කෙරෙහි මැදිහත් වීම ඉතා වැදගත් වන බවයි.
විශේෂයෙන්ම වගා නොකළ වතු ඉඩම්වල කෙටිකාලීන බෝග වගා කිරීමට ඇති හැකියාව , ගෘහස්ථ පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මිරිදිය මසුන් ,කුකුලන්,ගවයන්, එළුවන් ඇති කිරීම,අඩු බර දරු උපත් අවම කිරීම ,ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටම් ආවරණය වන පරිදි තොරතුරු දත්ත පද්ධතියක් ඇති කිරීම,වතු ආශ්රිත ජනතාව සමග සන්නිවේදන පවත්වා ගැනීමට පවතින භාෂා ගැටලු ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ නිලධාරීන් දැනුවත් කරන ලදී .
එසේම වතු ආශ්රිත ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර හා රාජ්‍ය නොවන සංවිධානවලින් වැඩි අනුග්‍රහයක් ලබා ගැනීමට උනන්දු වීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි .
විශේෂයෙන්ම වතු ආශ්රිත දරුවන්ගේ අධ්‍යාපනය, ළමා ගැබ් ගැනීම් හා ළමා අපචාර ඇතිවීම, මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රචලිත පැවතීම දැඩි අභියෝගයක්ව පවතින බැවින් ඊට වැවිලි ප්‍රජා නිලධාරීන්ගේ දායකත්වය හා ඒ සඳහා ගෙන ඇති පියවරයන් පිළිබඳව ද මෙහිදී විශේෂ අවධනයක් යොමු කරන ලදී.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන )දිනීශා එස්. රත්නායක, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ .ඒ වීරකෝන්, වැවිලි ප්‍රජා නිළධාරිනි ඉන්දීවරී සුභාශිනී යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.




















