ලෝක වැඩිහිටි දිනයට සමගාමීව යමින් "වෙනස් වන ලොවක -සවිමත් වැඩිහිටියෙක්" තේමාව ඔස්සේ කෑගල්ල දිස්ත්‍රික් වැඩිහිටි දින සැමරුම "දෙටුවර අභිමාන්"උත්කර්ෂවත් අයුරින් අද (26) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී නිමාවට පත්විය.
මෙම සැමරුමේ දී විශේෂයෙන් අභිමානවත් සමාජ මෙහෙවරක් සිදු කළ දිස්ත්‍රික්කයේ තෝරාගත් ජේෂ්ඨ පුරවැසියන් 11 දෙනෙක් "පවර දෙටුවර" සම්මානයෙන් පිදුම් ලැබීය.
එමෙන්ම දරුවන් දස දෙනකුට වඩා ලොවට දායාද කළ දිරිය මව්වරුන් අගයනු වස් "උත්තම ජනනී" උපහාර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි මව්වරුන් 11 දෙනෙකුට පිරිනැමීමට කටයුතු කරන ලදී .
එපමණක් නොව ආහාර සුරක්ෂිතතාවය ඇති කරමින් සමස්ත රටේ ආර්ථික ජීවනාලියට ගෙවත්තෙන් දායකත්වය ලබාදුන් හොඳම ගෙවතු වගා පවත්වාගෙන යන ගොවි විරුවන් වෙනුවෙන් "සාරධරණී" උපහාර නමින් සම්මාන පිරිනැමීමට කටයුතු කර තිබූ අතර ඒ සඳහා උපහාරලාභීන් 10 දෙනෙක්ට අවස්ථාව හිමිව තිබුණි.
"දෙටුවර අභිමන්" දිස්ත්‍රික් වැඩිහිටි දින සැමරුමෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් එක් වූ කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා එහිදී කියා සිටියේ වැඩිහිටි සුබසාධනය ඉහළ නැංවීම තුළින් ඔවුන්ගේ ජීවන අත්දැකීම් හා පළපුරුදු සමාජ යාන්ත්‍රණය සාර්ථක කරගනු පිණිස මහත් රුකුලක් වන බවයි.ඔවුනගේ මානසික කායික නිරෝගීතාවය, සෞන්දර්යාත්මක හා කලාත්මක කුසලතාවයන් ඉහළ නැංවීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගැනීමට තමන් කටයුතු කරන බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ම ආවරණය වන පරිදි වැඩිහිටියන්ගේ ප්‍රාසාංගික කුසලතාවයන් ඇතුළත් නර්තන ,රංගන, ගායන විශේෂාංග රැසකින් විචිත්‍රවත් වූ මෙම උළෙලේදී "ආදරයයි කරුණාවයි- වැඩිහිටි අපේ ළමා ලෝකයයි" තේමවෙන් වැඩිහිටියන් පිළිබඳ දරුවන්ගේ ආකල්ප ඇතුළත් පොත් පිංච නිර්මානය කිරීමේ තරගයෙන් ජයගත් පාසල් සිසුන් සදහා ජය සංකේත හා සහතික පත්‍ර ලබා දීමක්ද සිදු විය.
දිස්ත්‍රික් වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරි නිළධාරිනී ඩිලානි කුමාරි මහත්මිය ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වැඩිහිටි අංශයේ සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා New Premium Charity Foundation ආයතනය , කැන්ඩිල රෝහල ,ආර්ති ජුවලර්ස් ඇතුළු පෞද්ගලික ආයතන රැසක මූල්‍ය අනුග්‍රහය ලැබී තිබිණි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක යන මහත්මීන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කේ .ජී.එස් නිශාන්ත මහතා,සබරගමු පළාත් මූලස්ථාන සමාජ සේවා නිලධාරිතුමා ,වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරීන්, සමාජ සේවා නිලධාරීන්, දිස්ත්‍රික් වැඩිහිටි බලමණ්ඩලවල සාමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()















