දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී අනාවරණය වූ දිස්ත්‍රික්කයේ ප්‍රවාහන ගැටළු විසඳීමේ අරමුණින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිනි රාජිකා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකාච්ඡාවක් අද (27) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මෙහිදී දිස්ත්‍රික්කයේ පවතින ප්‍රවාහන ගැටළු හඳුනාගැනීම සහ විසඳුම් සාකච්ඡා කිරීම සඳහා අදාළ සියළු ආයතන ප්‍රධානීන් කැඳවා තිබූ අතර පවතින ප්‍රවාහන අපහසුතා රැසක් සඳහා සාධනීය විසඳුම් ලබා දීමට ද හැකි විය. එමෙන්ම ප්‍රවාහන අපහසුතා ඇති ගැටළුකාරී ස්ථාන හඳුනාගනිමින් ඉදිරියේ දී ඒවාට ප්‍රායෝගිකව විසඳුම් ලබා දීම කෙරෙහිද මෙහි දී අවධානය යොමු කෙරිණි.
එමෙන්ම පාසල් ළමුන්ගේ ප්‍රවාහන අසීරුතා පිළිබඳ මෙහි දී විශේෂ අවධානයක් යොමු කෙරිණි.
පසුගිය සම්බන්ධිකරණ කමිටු රැස්වීම් සඳහා ඉදිරිපත් කළ ප්‍රවාහන දුෂ්කරතා පිළිබඳ ගැටළු සලකා බලමින් මෙම විශේෂ සාකච්ඡාව කැඳවා තිබිණි.
මේ අවස්ථාව සඳහා ගලිගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් ජයසිංහ, කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් ජයසිංහ යන මහත්වරුන් ඇතුළු දිස්ත්‍රික් දේශපාලන අධිකාරීය, කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය , අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් , අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනීෂා එස් රත්නායක , කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස් නිශාන්ත යන මහත්ම මහත්මීන් සහ පොලිසිය ඇතුළු මෙම ගැටළුව සම්බන්ධයෙන් ප්‍රවාහන ක්ෂේත්රයේ සියළු පාර්ශවයන් නියෝජනය කරමින් ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයින් රැසක් සහභාගී වූහ.





















