දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වැඩිහිටි අංශය වාර්ෂිකව සංවිධානය කළ වැඩිහිටි වන්දනා චාරිකාව ඊයේ (03) වන දින දළදා මාලිගාව, නෙල්ලිගල ජාත්‍යන්තර මධ්‍යස්ථානය, රණවන පුරාණ විහාරය, හන්තාන සඳහිරු සෑය මුල් කර ගනිමින් නිමාවට පත් විය.


ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත දිස්ත්‍රික් වැඩිහිටි නිලධාරීනි ඩිලානි කුමාරි මහත්මිය සංවිධානය කළ මෙම චාරිකාව දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ උපදෙස් මත දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලයේ වැඩිහිටියන් හා ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලවල සාමාජිකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් දියත් විය.