කෑගල්ල දිස්ත්‍රික් සම්පත් පැතිකඩ යාවත්කාලින කිරිම පිළිබඳ රජ්‍ය නිළධාරින් දැනුවත් කිරිමට කටයුතු කෙරේ.

--------------------------------------------------------------------

සංවර්ධන හා පරිපාලන කටයුතු පහසුකර ගැනිම සඳහා තොරතුරු හා දත්ත නිවරදිව අවශ්‍ය වන බැවින් කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු තොරතුරු එක්රැස් කරගෙන සම්පත් පැතිකඩ නිරවද්‍යතාවයෙන් යුතුව සකස් කල යුතු බව, කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය.

කෑගල්ල දිසාපතිවරයා මෙසේ සඳහන් කළේ 2021 වර්ෂයේ ප්‍රථම ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ සමුළුවට සහභාගි වෙමිණි.තවදුරටත් දිසාපතිවරයා මෙහිදි සඳහන් කළේ, දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානින්, ප්‍රාදේශීය ලේකම්වරුන් ,සහකාර අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරින් සහ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන කාර්යාලයේ නිලධාරින්ගේ සම්බන්ධිකරණයෙන් සම්පත් පැතිකඩ සකස් කල යුතු බවය.

මෙහිදි බහුකාර්යය සංවර්ධන දෙපාර්තමේන්තුවේ කටයුතු, අවශේෂ කැළෑ ඉඩම් කළමණාකරණයට අදාළ ඉඩම් හදුනාගැනිම පිළිබඳ ප්‍රගතිය, ග්‍රාමීය මටිටමින් ක්‍රියාත්මක කිරිමට යෝජිත අපනයන ගම්මාන වැඩසටහන,සහ යටිතල පහසුකම් සංවර්ධන වැඩ සටහන් වල ප්‍රගතිය සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන ) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකෝන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද ,දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටි. ඒ. පි. කුසුම්සිරි, සහකර දිස්ත්‍රික් ලේකම් විජයානි රත්නසේකර යන මහත්ම මහත්මින් ඇතුඑ ආයතන හා දෙපාර්තමේන්තු නිලධාරින් පිරිසක් සහභාගි වි සිටියහ.