×

පණිවුඩය

Invalid Page Request

නව වසරේ පළමු දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව සභාපති පරිසර අමාත්‍ය වෛද්‍ය ධමිමික පටබැදි මහතාගේ හා සබරගමුව පළාත් ආණ්ඩුකාරවර චම්පා ජානකි රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (16) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .

clean sri lanka වැඩසටහන පිළිබද කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරිම සමිබන්ධිකරණ කමිටු සභාපතිතුමන් අතින් සිදු කෙරිණි. පාරිසරික, සදාවාරත්මක හා සමාජීය යන ශිර්ෂයන් තුන යටතේ මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරිමට නියමිතය. පිරිසිදු ආරක්ෂිත මාර්ග,පොදු සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම,ආබාධිත ප්‍රජාව සඳහා හිතකර පරිසර පද්ධතින් නිර්මාණය කිරීම මේ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් වලින් කිහිපයකි. බිඳ වැටෙනු සදාචාරය යලි ගොඩ නංවමින් සමගිය, ආත්ම ගරුත්වය,විශ්වාසය ,වගවීම,අරපිරිමැස්ම ,විනිවිද භාවය,සමානාත්මතාවය සහ අවංකකම යන ගුණාංග වැඩි දියුණු කිරීමට ඉදිරියේ කටයුතු කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

2024 වසර මුල් කර ගනිමින් ක්‍රියාත්මක වු සංවර්ධන ව්‍යාපෘති වන විමධ්‍යගත වැඩසටහන්, කදුකර දශකය, ප්‍රාදේශිය සංවර්ධන විශේෂ වැඩ සටහන්, ග්‍රාමීය වාරිමාර්ග, සංවාරක වැඩ සටහන් , වතු යටිතල පහසුකම්, සෞභාග්‍යා ගම්මාන වැඩ සටහන් තුළින් සැළකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව මෙහිදී දිස්ත්‍රික් සැළසුම් අධ්‍යක්ෂ ඒ. ඒ. වීරකෝන් මහතා පැවසීය.

සබරගමුව පළාත් සභාව විසින් ක්‍රියාත්මක සංවර්ධන සැලැස්මේ ප්‍රගතිය,දිස්ත්‍රික්කයේ අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමි පිළිබද, දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද, දිස්ත්‍රික් ආපදා සැලැස්ම, නිවාස ව්‍යාපෘතීන්හි ප්‍රගතිය , මාර්ග සංවර්ධන වැඩ සටහනේ ප්‍රගතිය මෙහිදි සාකච්ඡා වු කරුණු අතර විය.

පසුගිය වසරේ නොවැම්බර් මාසය තුළ දිස්ත්‍රික්කයේ මී උණ රෝගීන් 184 ක් වාර්ථා වී ඇති අතර 2024 වසරේ රෝගීන් 984 ක් හා මරණ 8ක් වාර්ථා වී ඇත. මෙහිදි අනාවරනය වු කරුණක් වන්නේ ගොවීන් හා කෘෂි ක්ෂේත්‍රයට සම්බන්ධ වුවන්ට අමතරව වෙනත් පුද්ගලයින්ටද රෝගය වැලදීමේ අවස්ථාවන් පවතින බවත් ඒ සදහා අවශ්‍ය ක්‍රියා මාර්ගයන් ගැනීම හේතුවෙන් යම් මට්ටමකින් රෝගය පාලනය කිරිමට හැකි බවත්ය . මේ වන විටත් ඩෙංගු රෝගය පැතිරීම ක්‍රමිකව පාලනය කරිමට හැකි වු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මේ අවස්ථාවට දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, පළාත් ප්‍රධාන ලේකම් ඊ. කේ. ඒ. සුනීතා , කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ, සබරගමු පළාත් ආණ්ඩුකාර ලේකම් කේ. ජී. එස් නිශාන්ත යන මහත්ම මහත්මීන් . සබරගමු පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, කෑගල්ල දිස්ත්‍රික් රාජ්‍ය ආයතන ප්‍රධානීන් , පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.