පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් සහ ආචාර ධර්ම ප්‍රතිපත්ති වැඩි දියුණු කිරීමට වඩාත් පිරිසිදු භෞතික පරිසරයක්" යන තේමාව පදනම් කර ගෙන සමාජීය, සදාචාරාත්මක සහ පාරිසරික වශයෙන් සෑම අංශයකින්ම පිරිසිදු රටක් ගොඩනැගීම අරමුණු කොට ගනිමින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක "Clean Sri Lanka " ජාතික වැඩසටහන පිළිබඳව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරිමක් ඊයේ (27) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදි සමාජ, පාරිසරික, හා ආවාරධර්ම අභියෝග පිළිබඳව මෙන්ම ශ්‍රි ලංකාවේ තිරසර සමාජ සංස්තෘතිය වෙනස් කිරිමේලා "Clean Sri Lanka " වැඩ සටහන යොදා ගත යුත්තේ කෙසේද යන්න පිළිබඳව සවිස්තරාත්මක පැහැදිළි කිරිමක් දිස්ත්‍රික් සැළසුම් අධ්යක්ෂ ඒ. ඒ. වීරකෝන් මහතා විසින් සිදු කලේය.



















