මහනුවර කාන්තා සංවර්ධන මධ්‍යස්ථානයේ(WDC) "ස්ත්‍රි වයවසායකත්ව සංවර්ධන ඒකකය" මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ පරිසර හිතකාමී නිෂ්පාදනවල නියැලෙන කාන්තාවන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළදපල දක්වා හදුන්වා දීමේ වැඩසටහන කෑගල්ල වෑවලදෙණිය විහාරස්ථා ධර්මශාලාවේදී ඊයේ (28) දින අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයින් 82ක ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.
මේ අවස්ථාවට සදහා කෑගල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතන්ගොඩ මහත්මිය ද සහභාගිත්වය වු අතර කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඵලදායිතා ඒකකය නියෝජනය කරමින් හේෂාන් සමරසිංහ මහතා සහ නිපුණතා සංවර්ධන නිලධාරී දිනේෂ් නවරත්න මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.
දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරී මනෝරි දෙහිමඩුව මහත්මිය විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.




























