හින්දු දින දර්ශනයට අනුව නව අවුරුද්දක උදාව සනිටුහන් කරන තෛපොංගල් දිනය සැමරිම වෙනුවෙන් අද (29) දින කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තෛපොංගල් සැමරුම් උත්සවයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවත්විණි.
කෝලම් රටා අදිමින්, සුවිශේෂි පොංගල් බත සකස් කෙරෙමින් , දේව ආශිර්වාදය ලබා ගැනීම සඳහා පූජා පවත්වමින් තෛපොංගල් උත්සවය අද පෙරවරුවේ සැමරූ අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට පොංගල් බත රස විඳීමේ අවස්ථාව ද උදා විය.
පිරිසුදු බව, කෘතවේදීත්වය, සෞභාග්‍ය , සතුට සහ සමගිය උදාකරවන තෛපොංගල් උත්සවය අනාදීමත් කාලයක සිට දෙමළ හින්දු ජනයා ඉතා උත්සවාකාරයෙන් සමරණ උත්සවයකි. අස්වැන්න නෙලීමේ මංගල්‍ය යන අරුතින් හඳුන්වන තෛපොංගල් උත්සවය සෑම වසරකම ජනවාරි මාසයේ පැවැත් වේ.
සියළු දෙනාටට සෞභාග්‍ය පිරුණු තෛපොංගල් මංගල්‍යයකට සුබ පැතුම් එක් කරන බව කෑගල්ල මහ දිසාපති රංජන ජයසිංහ මහතා මෙහිදී සඳහන් කළ අතර තෛපොංගල් උත්සවයේ වටිනාකම හා එහි හරයන් පිළිබඳව කාර්යාලීය නිලධාරීන් දැනුවත් කිරිම වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරීනී ඩිලානි කුමාරි මහත්මිය විසින් සිදු කලාය.
මෙවර දේව පූජාව පැවැත්වූයේ වරකාපොළ ශ්‍රී භද්‍රකාලී හනුමන් දේවාලයේ බ්‍රහ්ම ශ්‍රී බාලමනි කුරුක්කල් තුමා විසිනි.
අබන්පිටිය දෙමළ ප්‍රාථමික විද්‍යාලයේ සිසුවියන් හා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්යන් විසින් ඉදිරිපත් කල නැටුම් ගැයුම් වලින් මෙම උත්සවය විචිත්‍රවත් විය.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරී එක්ව සංවිධානය කර තිබු මෙම වැඩ සටහන සදහා වන්නි හෝප් රාජ්‍ය නොවන සංවිධානය පුර්ණ අනුග්‍රහය ලබා දි තිබිණි.
මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර , අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා ) දිලීප් නිශාන්ත, සහකාර දිස්ත්‍රික් මල්ෂා එල් පියදර්ශනී , සැළසුම් අධ්යන්ෂ ඒ.ඒ වීරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් රැසක් සහභාගී වූහ.





























